බප/පිළි ශාස්ත්‍රානන්ද මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

සිත්තම් 2023

51.jpg
WhatsApp Image 2023-12-11 at 9.34.24 AM.jpeg
පාසලේ ඉතිහාසය

බස්නාහිර පළාතේ රත්මලාන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ පිහිටි ශාස්ත්‍රානන්ද මහා විදුහල අතීතයේ දෙහිවල කරගම්පිටියේ ශාස්ත්‍රනන්ද පිරිවෙනෙහි ගිහි පැවිදි දෙපාර්ශවයටම ආරම්භ වූ පිරිවෙන රාජකීය පණ්ඩිත පූජ්‍ය බඹ රපනේ ඥානිස්සර මහා ස්ථවිරපාදයන් වහන්සේගේ ආදි කර්තෘත්වයෙන් 1956 අගෝස්තු 28 වන දින ආරම්භ වී ඇත.
පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීමේ දී පරිවෙනෙන් වෙන්ව පාසල 1961 වර්ෂයේ දී රජයට පවරා කවුඩාන පළල් පාර පිහිටි වර්තමාන භූමියට විදුහල්පති ධර්මදාස විජයසේන මහතා යටතේ ස්ථාපනය කරන ලදී. 1969 දෙහිවල කවුඩාන ප්‍රදේශයේ අක්කර 5 1/2 පමණ භූමි ප්‍රමාණයට කැලෑව එළි පෙහෙළි කරමින් ප්‍රජා සහභාගීත්වයෙන් පාසල ස්ථාපිත කරන ලදී.
වර්ෂ 2014 දෙසැම්බර් මස වර්තමාන විදුහල්පති බී. ඒ. සජීව අබේවර්ධන මහතා පත් වූ අතර 2015 වසරේ අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව ළඟම පාසල හොඳම පාසල ඒ ශ්‍රේණියේ කාණ්ඩයට ඇතුළත් කිරීමට සමත් විය. ඒ ඔස්සේ සංවර්ධන කටයුතු කඩිනම් කරමින් යටිතල පහසුකම් ඇති කරමින් පවතියි. ඒ යටතේ ජල ටැංකි කුළුණක් ස්ථාපිත කර පානීය ජල අවශ්‍යතා සැපයීම 507 පමණ වන ශිෂ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වැසිකිලි පහසුකම් සම්පුර්ණ කිරීම, විද්‍යාගාරය, ගෘහ විද්‍යාගාරය නවීකරණය පාසලේ ආරකෂිත මායිම් ස්ථිර තාප්පය මීටර් 100ක් පමණ සැදීම නව ක්‍රීඩා පුහුණු විකට්ටුවක් සැකසීම සෙල්ලම් මිදුල සකස් කිරීම අකර්මණ්‍ය වී තිබූ ආපන ශාලාව, පුස්තකාලය නවීකරණයට පහසුකම් සපයාදීම, සිදු කර ඇත. 37 ක් පමණ වන ගුරුමණ්ඩලය ද අනධ්‍යන සේවක 2 දෙනෙක් හා ස් වෙච්ඡා සේවකයන් 3 දෙනෙකු පමණ කාර්ය මණ්ඩලයක් සමග අධ්‍යාපනයේ නව ප්‍රවණතා හා වර්තමාන සමාජ අභියෝග හා මුහුණ දෙමින් පාසලේ ඉගැන්වීම් හා සමස්ථ ක්‍රියාකාරකම් විධිමත් කිරීමට කටයුතු කරමින් සිටියි. 

ආරම්භ කළ වර්ෂය

1956

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව  

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

35

මුල් ගුරුතුමාගේ නම

ධර්මදාස විජ‍ේස‍ේන මහතා

පාසලේ ආදි කතෘගේ නම

රාජකීය පූජ්‍ය පණ්ඩිත බඹරපන‍ේ ඤාණීස්වර වහන්ස‍ේ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

10

පාසලේ නම

බප/පිළි ශාස්ත්‍රානන්ද මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

බී.ඒ.එස්.අබ‍ෙ‍්වර්ධන මහතා

පාසල රජයට පවරාගත් දිනය

1961

පාසල පැවැත්වූ ස්ථානය

දෙහිවල,කරගම්පිටියේ ශාස්ත්‍රානන්ද පිරිනවන

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

කුමාරගේ කින්ස්ලි 1952.06.28

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

අයිරාංගනි 1952.08.19

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1956.08.03