- පෙ.ව 7.30ට පෙර පාසලට පැමිණිය යුතුය.
- ශිෂ්‍ය වාර්තා පොත දිනපතා රැගෙන ආ යුතුය.
- (නියමිත පරිදි සම්පුර්ණ කර අදාළ ස්ථානයේ ඡායාරූපය අලවා) නියමිත නිල ඇඳුමෙන් පාසලට පැමිණිය යුතුය.
- නියමිත උපදෙස් අනුව හිස පීරීම හා සපත්තු පැළදීම කළ යුතුය.
- පාසල් කාලය තුළ පන්ති කාමරයේ රැඳී සිටිය යුතුය.
- කාණ්ඩ විෂයන් සදහා අදාල ඒකක වලට යාම හා අවසන් වු පසු පන්ති කාමරයට පැමිණෙන කාලය තුළ වෙනත් කරුණු සඳහා යාමෙත් වැලකී පේළියට පැමිණිය යුතුය.
- පන්තියෙන් බැහැරවීමේදී ගුරු භවතෙකුගේ අවසරය මත අවසර පත්‍රයක් සහිතව බැහැරවිය යුතුය.
- නියමිත අවසරය මත පන්ති කාමරයෙන් පිටව්වේදී ශිෂෂ්‍යයන් තනිවත් ශිෂ්‍යාවන් දෙදෙනෙකුටත් පිටවිමට අවසර ඇත පාසලට පැමිණීමේදී හා නිවෙස් වෙත යාමේදී මාර්ග නීති පිළිපදිමින් මහමග සංවරව යා යුතුය.
- අසල්වාසීන්ට හා මාර්ගයේ ගමන් කරන්නන්ට කරදර හිරිහැර වන පරිදි කටයුතු නොකළ යුතුය.
- පාසල ආරම්භ වන හා අවසන් වන අවස්ථාවල නියමිත පරිදි ආගමික කටයුතු වලට සහභාගි විය යුතුය පාසල අවසානයේ පන්තියෙන් පිටවීමේදී ලබා දී ඇති උපදෙස් අනුව ක්‍රමානුකූලව සංවරව ප්‍රධාන දොරටුවෙන් පිටවිය යුතුය.
- විදුහල්පතිතුමන් ගුරු මව්වරු පියවරු ලබාදෙන උපදෙස් අනුව තම ජීවිතය හැඩ ගස්වා ගත යුතුය.
- තම දෙමාපියන්ට හා ගුරුභවතුන්ට ගරු කළ යුතුය ජාතික ගීය පාසල් ගිය හා ආගමික වතාවත් වලදී ගෞරව සම්ප්‍රයුක්තව සීරුවෙන් සිටිය යුතුය.
- විෂයානුබද්ධ කටයුතු වලට ඔබ ඉදිරිපත් විය යුතු අතර ඒවාට බාධා නොවන අයුරින් කටයුතු කල යුතුය කිසිවිටෙක විදුහල්පති තුමන්ගේ හෝ නියෝජ්‍ය විදුහල්පති ස්වාමින් වහන්සේගේ නිසි අවසර පත්‍රයක් නොමැතිව පාසලෙන් පිටතට නොයා යුතුය.
- ඔබ සතු ගොඩනැගිලි, ඩෙස් පුටු, දොර ජනේල, වැසිකිළි පද්ධති, විදුලි පද්ධති හා ජල නළ පද්ධති ඇතුළු පාසලේ උපකරණ (සියලුම භෞතික සම්පත්) ඉතා ඕනෑ කමින් සුරක්‍ෂිතව පරිහරණය කළ යුතු අතර ආරක්‍ෂා කළ යුතුය.
"මෙය ඔබගේ පාසලයි - එය රැක ගැනීම ඔබේ යුතුකම හා වගකී






